Monday, May 2, 2016

වසන්තයා III, මැයි දිනේ, තාත්තගෙ නිවාඩුව සහ බබාගෙ ලියුම.

2016.05.02 දා
තංගල්ලේදීය

සමන් මලින් පවන් සැලේ!ගහන ගහන පොල් ආපිට වැදීයන්!

ආදරනීය
හිතවත්
ගවුරවනීය ජනාදිපති මයිත්තීපාල මාමා වෙතටයි.

ඉතිං ‍මයිත්තී මාමේ ඔබගේ දුකසැප කෙසේද? අපි නං ඔබතුමන්ලාගේ උදව්වෙන් අපේ වියදමිං ජීවත් වෙමි. හැබැටම දැං පොලොන්නරුව කොලඹ පැත්තට වහිනවාද? මේ පැත්තට‍ නං පෑවුම තදය. අපේ බාප්පා නං කියන්නේ මේවගේ අම්මට උකන පෑවුමක් අම්ම මුත්ත කාලේවත් නැති බවය. ඒ මදිවට නිදාගන්න ගියාම එයා ඉරටත් බනින්නේ මේ උත්ත වහලෙ හයිකලේ මොන උත්තිගෙපුතාද කියලාය. කොහොම උනත් මාමේ ඒ කතා ඇතිය. තකහනියෙම්ම ලියමනක් ලියන්න හිතුවේ මැයි දිනේ ගැනය. ඔබතුමාගේ මැයි දිනේට ආපු සෙනග කන්දරාව අපි දැක්කෝය. මයිත්තිරි මාමාද ටීවී එකෙන් දැක්කෙමු. මේ ඒ කතන්දර ගැනත් නෙවේ. අපේ තාත්තා ගැනය. අපේ තාත්තා නං මැයි දිනේට හිටියේ ගෙදරට වෙලාය. කොහොමත් එයාට රෙද්දක් ඇඳගෙන මැයි දිනේට යන්න බැරිවෙන තැනට වැඩකල ගොඩක් කට්ටිය ගැන බබාටත් යංතං තේරෙනවාය. මේ කතා කරන්නේ මැයි දිනේට ලැබෙන නිවාඩුව මෙදාපාර නැතිවීම ගැනය.

මැයි දිනේ ඉරිදාට යෙදි තිබුන නිසා අපේ තාත්තලාට නිවාඩුවක් නැතිවූවේය. තාත්තා එහෙමකට නිවාඩුවක් ගන්නේ නැති නිසා දවසෙ නිවාඩුව ගැන එච්චර හිතුවේ නැති වුනාට මැයි දින ටික ඊයේ ටීවී එකෙන් බලපු වෙලේ පටං හොයා බැලුවේ අද නිවාඩුදැයි කියලාය. ඔයාට නිවාඩු තියනෙකේ ඕන්නං හෙට නිවාඩුවක් ගන්න බැරියැයි අම්මා කිව්වාය. ඒත් තාත්තා කතාබහක් නැතුව පෝන් එක අරං අමාත්‍යාංසෙ වෙබ්එක පැත්තෙත් ගියේ නිවාඩුව ඇද්දැයි බැලීමට‍ය. අන්තිමට ඉවසීම ඉක්මවාගිය අම්මාගේ පුරස්න වලට උත්තර දීමේදී අහිංසක තාත්තාගේ ඉල්ලීම් බබාටත් ඇසුනෝය. මේ තියෙන්නේ තාත්තා අම්මාට කිව් කතා ටිකය. බබාට ඒ හැටි නොතේරුනාට මයිත්තී මාමාට තේරුං යෑමට ඉඩ ඇති බැවින් ලියා එවමි.

තාත්තා ඔපිස් යාමට බය වී ඇත්තේ අහන්න වෙන කයි කතන්දර ගැන හිතලාය. තාත්තා මයිත්රී මාමලාගේ යහපාලන ආන්ඩුවට කඩේ ගිය හැටි ඩිංගිත්තක් වත් මතක තියනව යයි සිතමි. තාත්තා කියන හැටියට ගාල්ලේ රැස්වීමේ සංවිදාන කටයුතු සජින් වාස් අංකල්ය. මයිත්තී මාමලා බලේට එන්න තලපු මුවහමක්ද මොකද්ද වන සජින් අංකල් මාමලාගේ රැලියේ සංවිදාන කටයුතු කිරීම ගැන යාළුවන් තාත්තාගෙන් අසාවි යයි සාදාරන බයක් තාත්තාට ඇති බව පෙනේ. මං නං කිව්වේ තාත්තා එක එකාගේ කතා ගනංගන්න එපා කියාය. ඒත් තාත්තා මට සැරවුනේ උඹ දන්න ඉටිගෙඩියක් නෑ කියලාය.

හම්බන්තොට නගරාදිපතිතුමා සෙල්ලං පිස්තෝලයත් ඉනේ ගහගෙන හැටට හැටේ මැයි පෙලපාලියට යන හැටි තාත්තයි මායි දැක්කේ ඊයේ දවල් පොලේ යද්දීය. තාත්තා කීවේ එයා මයින්ද මාත්තයගේ මැයි රැලියට යන බවයි. ඒත් ඒ එක්කම ආපු වාහනේ බැඳගත්ත ඉස්පීකරෙන් කියවුනේ එයත් යන්නේ ගාල්ලේ රැස්වීමට බවයි. තාත්තාගේ කනස්සල්ලට එ් කේස් එකත් එකක් බව කියනවා ඇහුනේය. අපේ අම්මා නං කිව්වේ එයාලට හොඳ නං අපට මොකද කියලාය. කොහොම උනත් තාත්තාගේ කනස්සල්ලට ඒකත් එක හේතුවක් බව පෙනේ.

ඊයේ යූඇන්පී සහ ගාල්ලේ රැලිවලට සීටීබීවලින් සෙනග ඇද්දා කියන සිද්දියක්ද තාත්තාගේ ඔපිස් යාමට අදිමදි කරන්න හේතුවක් ‍බව පෙනේ. උඹල ඒ කාලෙ කොහොමද කිව්වෙ? දැං මොකද බස්වලිං අදින්නෙ කියා යාලුවන් අහවි කියලා තාත්තා බයෙන් ඇති බව පෙනේ. අම්මා නං කිව්වේ බස්ඔලට සල්ලි ගෙවා වෙන්කරගත්ත ඒවා බවය. එහෙව් එකේ මොකටද කතන්දර අහන්නේ කියා මට නං හිතාගන්න බැරිව ඉන්න අතරේ තාත්තා කිව්වේ ආන්ඩු බලේ තියන කට්ටිය ඇත්තටම සල්ලි ගෙවල බස් ගත්තත් මිනිස්සු පිලිගන්නේ නැති කතාවක්ය.

ඒ අල්ල පනල්ලේ අලුත් පරපුරට ජනාදිපතිවරන කාලෙ බැස්ටිය දීපු කමල් ඉන්දික කියන හාදයාට ආසන සංවිදායක කමක් දුන්නා කියන එකද තාත්තාගේ ඔපිස් හොරයට හේතුවකි. අම්මා නං කියන්නේ පාරේ අතහැරපු හොඳ සැර බල්ලෙක් හදාගන්න එක ඕන කෙනෙකුගේ මතු ආරස්සාවට වැදගත් බවයි.

මැයි රැලිය දා ජාතික රූපවාහිනියයි අයිටීඑන් එකයි ආණ්ඩුවේ මැයි රැලි පෙන්නීම තාත්තාගේ ලැජ්ජාවට තවත් හේතුවක් වුන බව කිව්වේය. ඒවාට සල්ලි ගෙවා ලබාගත් රිසිට්පත් පෙන්නූ විට චෝදනා කල ඈයන්ට තරු පේන බව අම්මා කිවුවාට තාත්තාගේ හිත හැදුනේ නැත. වැඩිදුරටත් අම්මා කිව්වේ ඔය මොනව කලත් මහින්ද මහත්තයාගේ රැස්වීමේ විමල් අංකල්ටයි බැසිල් අංකල්ටයි එකට ඉන්න ඇහැක් නං ඊට වඩා මොන ‍කෙංගෙඩියක්ද කියලාය.
කොහොම උනත් හිත හදාගන්න බැරිවූ තාත්තා අද වැඩට නොගිහිං හිටිය අතර දවල් වෙද්දී ආපු මාමා කෙනෙකුගේ කෝල් එකක් ඇසූ අම්මා කිව්වේ එයාට මාමා එක්ක සැට් වීමට ගත් බොරු ලෙඩක් බවය. මොන්ටිසෝලි යන්න හිතෙන්නේ නැති දවසට දෙපාරක් සුරුස් සුරුස් ගා නහය හූරා පෙන්නන බබාගේ මෙතඩ් එක තාත්තාටත් කියාදෙන්න හිතුනත් තාත්තාගේ මූඩ්එකේ හැටියට ඒකත් කන මිරිකාගැනීමට හේතුවක් විය හැකිය. කොහොම උනත් තාත්තා මේ ඉල්ලන නිවාඩුව ලැබුනා නං හොඳ බව බබාගේ හැඟීමයි. මොකද තාත්තාට ඇති මේ පස්න ගොඩ ඔපීසිවල ඉන්නා දාස් ගානක් අංකල්ලාටත් තිබිය හැකිය. දවසක් නිවාඩු දුන්නා නං ඊලඟ දවසේ කොහොමත් තාත්තලාට අංකල්ලාට මේ කතා මතක නැති බව බබා දැනගත්තේ ප්‍රභා අංකලගේ කතාවකිනි. ඒ නිසා තාත්තා බයවෙන මේ වගේ ගොංකං වැඩ ඊලඟ සැරේ මැයි දිනේට කලිංවත් හදාගැනීම හෝ මැයි දිනේට පස්සෙන්දාට නිවාඩුදීම ගැන සලකා බලන මෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ,

සනුල බබා.

47 comments:

  1. අනේ බබෝ පක්ෂෙක මැයි පෙළපාලි වලට බස් වලින් තමයි මිනිස්සු එන්නේ. ඒ එක ප්‍රධාන පෙළපාලියක් තියෙන නිසාලු. අර ඉස්සර කිව්වේ ලංකාව පුරා තිබුණ දේශපාලන රැස්වීම් වලට එක එක දිහා වලින් බස් වලින් සෙනග අද්දපු එක ගැනලු. අනික මයිත්ති අංකල් කියලා තියෙනවානෙ එන මිනිස්සු ගන්නවා හැබැයි නීතියෙන් වැරදිකාරයො වුණොත් එලවනවා කියලා. ඒක අර කලින්ම හිරේදාල පස්සෙ නඩු අහන ෆොන්සේක මෙතඩ් එකට වඩා ශීලාචාරයි කියල තමයි කියන්නෙ. අනේ මන්ද ඔය ළමය මොන්ටිසෝරි ගියානන් සුරංගනා කථාවක් වත් අහගන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. යහපාලනයට ඡන්දය දී ජන. 08 දා හංසයා දිනවූ අපිට වහ බොතල් ටිකක් ලබාදෙන මෙන් ඔබෙන් ඉල්ලා සිටිමි. ලංකාවේ යහපාලන දේශපාලන නායකයෝ ලැජ්ජාවක් ගෑවිලාවත් නැති පිරිසක් බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කුප්‍රකට දේශපාලඥයින් ලෙස එදා විපක්ෂයෙන් චෝදනාලත් සජින් වාස් ගුණවර්ධනලාටද අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුවා සුනිල්ලාටද භික්ෂු ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මොරටු උපසභාපති අජිත් බස්නායකලාටද දැන් අපමණ අගයකි. මේ සියල්ල ඩාර්ලි පාරේ ශ්‍රිලනිප (නෛතික පාර්ශවය) ගාලු මැයිදින රැස්වීම සාර්ථක කරගැනීම සඳහාය. ගාලු රැස්වීමේදී මුළු බරින් වැඩි කොටසක් කරගසා ඇති සජින් වාස් ගාලු රැස්වීමට බස්රථ සංඛ්‍යාව 1500 කි. අංගුලිමාලටද තමන්කල වැරදි අතහැර හරිමග ගොසින් රහත්වීමට හැකිනම් බලපිටියේ සජින්ලාට සහ අකුරැස්සේ සුනිල්ලාට යහපාලනය පසුපස ගොස් හෝ හොද මිනිසුන් වෙනවානම් එය සැමගේ සතුටට හේතුවනු ඇත. එහෙත් විපක්ෂයේ සිටින විට අසූචි කන්දක් සේ දකින තැනැත්තන් යහපාලන ආණ්ඩුවට කරණම් ගැසූ පසු සදුන් දැව ගොඩක් සේ දැකිය හැකිද?

      ඒ අනුව සියළු හොරුන්ට යහපාලන සරණං ගච්ඡාමිය. බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ වර්තමානයේ ජනාධිපති උපදේශක ක්‍රිස් නොනිස්ද ගාලු මැයි රැස්වීමට සහභාගි වනවාදැයි සැකයකි. යහපාලනය දෝරේ ගලන්නේයැයි කියන්නේ මේවාටය.

      මැයි දින සටන්පාඨ හිඟ අයට අවශ්‍යනම් සටන්පාඨ සකස්කර ගැනීම සඳහා මෑතකදී ජනවහරට එක්වූ උපමා කිහිපයක්ද මෙසේ දැක්විය හැකිය. ඒවා අතර "මෛත්‍රී මාමා හොරු ඇල්ලුවා වගේ", "රනිල් මාමා එක්ටා ගිවිසුමින් ලක්ෂ 10ක් රැකියා ගේනවා වගේ," "රවි මාමා සරදියල්ගේ අයවැය වෙනුවට සෝරෝස් අයවැයක් ගෙනාවා වාගේ", "රංජන් අංකල් ෆයිල් ඇදලා නෝන්ඩි වුණා වගේ", "හරින් අංකල්ගේ ගූගල් බැලුම කඩා වැටුනා වගේ, හිරුණිකා ඇන්ටිගේ ඩිෆෙන්ඩරයෙන් රවුමක් ගියා වගේ, මත්තල වී ගබඩා කෙරුවා වගේ, ජෝන් සීයා ඇවිදින මංතීරුව කැඩුවා වගේ" වේ.

      දැන් සෑහෙන තරඟයකි. සට්ටැඹියෝ ගොඩකි. ඔළු සේදීමේ සිට අහවල් එක සේදීම දක්වා ඔවුහු පේවී සිටිති. දැන් ඇත්තේ ගම් පෙරළියක් නොවේ. යුග පෙරළියක්ද නොවේ. කළියුග කාලයකි.

      Delete
    2. 1987 මැයි 1වැනිදා මැයි දිනය තහනම් කරමින් එම තහනමට එරෙහිව අරගලකල කම්කරුවෙකු සහ සරසවි සිසුවෙකු ඝාතනය කල එජාප ආණ්ඩුව මෙවර 2016දී ඒකාබද්ධ විපක්ෂයේ මැයි පෙළපාලිය ආරම්භ කිරිමට මුදල් ගෙවා ලබාගත් නාරහේන්පිට ශාලිකා ක්‍රිඩාංගනය ලබාදීමද තහනම් කර ඇත. සමෘද්ධි නිලධාරින්ගේ සංගමයේ මැයි රැළිය පැවැත්වීමට මුදල් ගෙවා ලබාගත් බත්තරමුල්ලේ අපේගම පරිශ්‍රය ලබාදීමද එලෙසින්ම තහනම්කර ඇත. යහපාලන ආණ්ඩුවේ තරු 07 ප්‍රජාතන්ත්‍රවාදය එය වේ.

      සියයට 15ක වැට් බදු බරක් අලුතින්ම ජනතාව මත මැයි 2වැනිදා සිට පටවා ඇත. ඒ අනුව සියළුම භාණ්ඩ සහ සේවා මිල වැඩිවී තිත්ත කසාය ගිල්ලීමෙන් මධ්‍යම පාන්තික පවුලක මාසික වියදම රුපියල් 10,000ක පමණ මුදලකින් ඉහළ යනු ඇත. රාජ්‍ය සේවය කප්පාදුකොට අලුතින් බඳවා ගන්නා රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප අහිමිකර ඇත. ඉන්දියානු ETCA ගිවිසුම මගින් ඉදිරියේදී කුණු කොල්ලයට සේවක ශ්‍රමය හාම්පුතුන්ට විකිණෙනු ඇත. පාසැල් නිලඇදුමට ජලාහුටංය. පාන් මිල වැඩිවිය. තේ සහ රබර් නිෂ්පාදකයෝ කබලෙන් ලිපටය. වී මිල 20ට බැස්සේය. හාල් මිල නහුතෙට නැග්ගේය. පොහොර සහනාධාරයට කෙලියේය. නව පො‍හොර සහනාධාර මුදල් දීමේ විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව අක්කරයක් වගාකර වී බුසල් 90ක අස්වැන්නක් ලැබුණවිට ඒ රුපියල් 20 බැගින් අළෙවි කලහොත් ලැබෙන ආදායම රුපියල් 37,800කි. එවිට ගොවියාට රුපියල් 8,600ක අතින් පාඩුවක් සිදුවේ. එම වී ප්‍රමාණයම රුපියල් 38 බැගින් රජයටම අළෙවි කිරීමට හැකිවූවොත් සාමාන්‍යයෙන් ලැබෙන ලාභය රුපියල් 25,420කි. එහෙත් දැන් සිදුව ඇත්තේ රුපියල් 20ට අළෙවි කිරීමටය. මේවාට එරෙහිව ශිෂ්‍යයෝද, රැකියා විරහිතයෝද, ධීවරයෝ සහ ගොවියෝද පමණක් නොව වෘත්තිකයන්ද සිටිනුයේ අරගලයකය. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විදුහලට එරෙහිව සටන් කරන සරසවි සිසුනට කොටුවේදී ඊයේද දැඩි මර්ධනයක් එල්ල විය.

      ආණ්ඩුවේ අලුත්ම කෙමන ආර්ථිකයට අටවා ඇති බිම්බෝම්බ නිෂ්ක්‍රීය කරමු යන්නය. එය ආලාපාළු ආර්ථිකයේ මෙගා-ඩීල් මුලාවකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ණය දෙන විට ලංකාව කොළණියක් කරගැනීමට තැත් කරන දුෂ්ඨ රාජ්‍යයක් ලෙස හැදින්වූ චීනය යහපාලන ආණ්ඩුව ණය ඉල්ලූ විට එය දෙන විට ලංකාවට අතහිත දෙන දීර්ඝ කාලීන රාජ්‍යතාන්ත්‍රික මිතුරෙකි. අවසානයේ බටහිර ගැත්තන්ටද චීනය ඉදිරියේ කුක්කන් වීමට සිදුවිය.

      ආණ්ඩුව ලෝස් නැතුව වියදම් කරයි. එක්දින ගොවි සමුළුවට ලක්ෂ 308කි. කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායකගේ අමාත්‍යාංශයේ කාර්යාලයට නිිලියකට අයත් රාජගිරියේ තට්ටු ගොඩනැගිල්ල වසර 5කට බදු ගැනීම සඳහා වැයකල මුදල රුපියල් ලක්ෂ13,356 (කෝටි 134) කි. වරායේ ඇමති නිවස අළුත්වැඩියාවට ලක්ෂ 750කි, ජනතා සේවය හරියට කිරීම සඳහා ඇමති සරත් ෆොන්සේකාකාට අලුත් වාහනයක් මිලදී ගැනීමට ලක්ෂ 450ත් මදිය. යහපාලන ආණ්ඩුව ඇඩොල්ෆ් හිට්ලර්ගේ තියරිය අනුව බොරුව සරලව ලොකුවට නිරන්තරයෙන් පවසනු ලැබීය. එහෙත් තවදුරටත් ඒවාට ආයුෂ නොමැති බව දැන් පැහැදිලිය.

      Delete
    3. 1987 මැයි 1වැනිදා මැයි දිනය තහනම් කරමින් එම තහනමට එරෙහිව අරගලකල කම්කරුවෙකු සහ සරසවි සිසුවෙකු ඝාතනය කල එජාප ආණ්ඩුව මෙවර 2016දී ඒකාබද්ධ විපක්ෂයේ මැයි පෙළපාලිය ආරම්භ කිරිමට මුදල් ගෙවා ලබාගත් නාරහේන්පිට ශාලිකා ක්‍රිඩාංගනය ලබාදීමද තහනම් කර ඇත. සමෘද්ධි නිලධාරින්ගේ සංගමයේ මැයි රැළිය පැවැත්වීමට මුදල් ගෙවා ලබාගත් බත්තරමුල්ලේ අපේගම පරිශ්‍රය ලබාදීමද එලෙසින්ම තහනම්කර ඇත. යහපාලන ආණ්ඩුවේ තරු 07 ප්‍රජාතන්ත්‍රවාදය එය වේ. ගමේ පුංචි ආණ්ඩුව වන ප්‍රාදේශීය සභා මැතිවරණ පවත්වන දිනයක් හෝ පෙනෙන තෙක් මානයකද නැත.

      සියයට 15ක වැට් බදු බරක් අලුතින්ම ජනතාව මත මැයි 2වැනිදා සිට පටවා ඇත. ඒ අනුව සියළුම භාණ්ඩ සහ සේවා මිල වැඩිවී තිත්ත කසාය ගිල්ලීමෙන් මධ්‍යම පාන්තික පවුලක මාසික වියදම රුපියල් 10,000ක පමණ මුදලකින් ඉහළ යනු ඇත. රාජ්‍ය සේවය කප්පාදුකොට අලුතින් බඳවා ගන්නා රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප අහිමිකර ඇත. ඉන්දියානු එක්ටා ගිවිසුම මගින් ඉදිරියේදී කුණු කොල්ලයට සේවක ශ්‍රමය හාම්පුතුන්ට විකිණෙනු ඇත. පාසැල් නිලඇදුමට ජලාහුටංය. පාන් මිල වැඩිවිය. තේ සහ රබර් නිෂ්පාදකයෝ කබලෙන් ලිපටය. වී මිල 20ට බැස්සේය. හාල් මිල නහුතෙට නැග්ගේය. පොහොර සහනාධාරයට කෙලියේය. නව පො‍හොර සහනාධාර මුදල් දීමේ විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව අක්කරයක් වගාකර වී බුසල් 90ක අස්වැන්නක් ලැබුණවිට ඒ රුපියල් 20 බැගින් අළෙවි කලහොත් ලැබෙන ආදායම රුපියල් 37,800කි. එවිට ගොවියාට රුපියල් 8,600ක අතින් පාඩුවක් සිදුවේ. එම වී ප්‍රමාණයම රුපියල් 38 බැගින් රජයටම අළෙවි කිරීමට හැකිවූවොත් සාමාන්‍යයෙන් ලැබෙන ලාභය රුපියල් 25,420කි. එහෙත් දැන් සිදුව ඇත්තේ රුපියල් 20ට අළෙවි කිරීමටය. මේවාට එරෙහිව ශිෂ්‍යයෝද, රැකියා විරහිතයෝද, ධීවරයෝ සහ ගොවියෝද පමණක් නොව වෘත්තිකයන්ද සිටිනුයේ අරගලයකය. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විදුහලට එරෙහිව සටන් කරන සරසවි සිසුනට කොටුවේදී දැඩි මර්ධනයක් එල්ල විය.

      ආණ්ඩුවේ අලුත්ම කෙමන ආර්ථිකයට අටවා ඇති බිම්බෝම්බ නිෂ්ක්‍රීය කරමු යන්නය. එය ආලාපාළු ආර්ථිකයේ මෙගා-ඩීල් මුලාවකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ණය දෙන විට ලංකාව කොළණියක් කරගැනීමට තැත් කරන දුෂ්ඨ රාජ්‍යයක් ලෙස හැදින්වූ චීනය යහපාලන ආණ්ඩුව ණය ඉල්ලූ විට එය දෙන විට ලංකාවට අතහිත දෙන දීර්ඝ කාලීන රාජ්‍යතාන්ත්‍රික මිතුරෙකි. අවසානයේ බටහිර ගැත්තන්ටද චීනය ඉදිරියේ කුක්කන් වීමට සිදුවිය.

      ආණ්ඩුව ලෝස් නැතුව වියදම් කරයි. එක්දින ගොවි සමුළුවට ලක්ෂ 308කි. කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායකගේ අමාත්‍යාංශයේ කාර්යාලයට නිිලියකට අයත් රාජගිරියේ තට්ටු ගොඩනැගිල්ල වසර 5කට බදු ගැනීම සඳහා වැයකල මුදල රුපියල් ලක්ෂ13,356(කෝටි 134) කි. වරායේ ඇමති නිවස අළුත්වැඩියාවට ලක්ෂ 200කි, ජනතා සේවය හරියට කිරීම සඳහා ඇමති සරත් ෆොන්සේකාකාට අලුත් වාහනයක් මිලදී ගැනීමට ලක්ෂ 350ත් මදිය. යහපාලන ආණ්ඩුව ඇඩොල්ෆ් හිට්ලර්ගේ තියරිය අනුව බොරුව සරලව ලොකුවට නිරන්තරයෙන් පවසනු ලැබීය. එහෙත් තවදුරටත් ඒවාට ආයුෂ නොමැති බව දැන් පැහැදිලිය.

      Delete
    4. මේ වෙන හැම සිදුවීමක් සමගම වඩ වඩාත් තහවුරු වන එකම දෙය වනුයේ යහපාලනය යන වචනය හුදෙක් චන්ද දායක සාමාන්‍ය මහජනතාව මුලා කර බලය ලබාගැනීමට පමණක් භාවිතා කල වචනයක් යන්නයි. පැවති රජයේ මැරකම්, හොරකම් ගැන සහ නීතිය හරියාකාරව ක්‍රියාත්මක නොවීම ගැන බොහොම හිතේ අමාරුවේන් සිටි වුන් තමන්ට බලය ලැබුණු පසු නීතිය මැර බලය පාවිච්චි කරන්නේ කෙලෙසද යන්න පසුගිය මාස කීපය පුරා සිදුවූ සිද්ධීන් වලින් වඩාත් හොදින් තහවුරු වී හමාරය. යහපාලන ජනපති තවම නිහඩය. ඔහු ජනතාව අමතමින් කියන්නේ වැල් බයිලාය, අගමැති පාර්ලිමේන්තුවෙදී පවා කතා කරන්නේ තර්ජනාත්මකවය, මැරයෙකු ලෙසිනි. පැවති රජයේ මැර බලයට, දුෂණය විරුද්ධව චන්දය දුන් ජනතාවට සතුටු විය හැකි එකදු හෝ අවස්ථාවක් සැබවින්ම ඇත්ද?

      Delete
    5. ඉයන් ලොක්කා මේ රාජ් කියන කැරියා අර මාතලන් ගූතලන් රසිකොලොජිස්ට් තට්ට කණ්නාඩි පොළඟා මැෂින් බිජ්ජා වගේ තමන්ගේ සයිට් එකේම ඇනෝ කොමෙන්ට් ගහන පකයෙක් බව මතක තියාගන්නවා

      Delete
  2. බබාගේ තාත්තට කියන්න ඔය වගේ මෛතිරි මාමගෙන් අනං මනං ඉල්ලන්ඩ එපායැ කියලා. උන්නාන්සෙත් දැං රජ කෙනෙක් වෙන්ට යන ගමන් ඉන්නේ..

    මතක ඇතිව කියන්න වෙසක් පෝයට තාත්තට නිවාඩුවක් දෙන්න බලන්නං කියලා..

    අනික ලැජ්ජ වෙන්න දෙයක් නැතෙයි කියලත් කියන්න. මෛතිරි මාමට නැති ලැජ්ජාවක කොටසක් වත් තාත්තට තියෙන්න ඕන එකක්යැ.. හැක්..

    ReplyDelete
  3. කියාපු දේවල්, නොකරපු දේවල්... හනේ මංද!

    ReplyDelete
  4. තාත්තට කොහොම වෙතත් පුතාටනං නිවාඩුවක් ඕනවෙලා වගෙයි. හැක්..

    ReplyDelete
  5. // තාත්තා මයිත්රී මාමලාගේ යහපාලන ආන්ඩුවට කඩේ ගිය හැටි ඩිංගිත්තක් වත් මතක තියනව යයි සිතමි. //

    අහෝ දුකකි!
    ඉරකි තිතකි!

    (බබාගෙ තාත්ත ගන්න ප්ලැන් කොරන් හිටි කාර් එක ගත්තැයි? )

    ReplyDelete
    Replies
    1. සාරස,
      ගහෙන් වැටුණු මිනිස්සුන්ට ගොනා ඇන්න වගේ ඔහොම අපහාස කරන්න එපා. අපි කවුරුත් මේ කාලකණ්ණි පට්ටපල් අමුම අමු කෙබර කෙලින අපත හාල්පාරුවන්ට රැවටුනු අය. අප එක්සත්ව එක්සිත්ව දූශිත රාජපක්ශ කල්ලිය එලෙව්ව්ව වගේම මෙම රජයට උපරිමයෙන් බලපෑම් කිරීමටත් අවශ්‍ය වුවොත් පෙරළා දැමීමටත් කටයුතු කරමු. ස්තූතියි !

      Delete
    2. // ගහෙන් වැටුණු මිනිස්සුන්ට ගොනා ඇන්න වගේ ඔහොම අපහාස කරන්න එපා. //

      ඔහෙගෙ කතාවෙත් ඇත්තක් තියෙනවා ගාර්දි තුමෝ...

      සොරි වෙන්ඩෝනැ බබෝ!
      තාත්තා ගෙනුත් සමාදිය බාජනය කොලා කියන්නකෝ!

      Delete
    3. උඹ නම් සරසයෝ මරාගේ කපාපු පලුවක්. කට ඇරපු ගමන් දත් ගලවනවා. කොල්ලෝ උඹලට ලව් කරන්නත් බැරිවෙනවා. අපි නොදන්න මරාගේ ලව්. උඹ මචං ඔය දත් ගලවන වැඩේ අත ඇරලා දෙශපාලනයට වරෙන්. රටේ ජනතාවට දන්ත ගැටලු රාශියක් තියෙනවා.

      Delete
    4. අරූ තුමා විසින් දිගින් දිගටම ස ර ස තුමා ගේ තට්ටයට ටොකු ඇනීම පිලිබඳව ස ර ස තුමා ගේ බලවත් විරෝදය!

      Delete
    5. ඒත් මම උඹට හරි කැමතියි සරස. උඹ වගේ එවුන් බ්ලොග් ලෝකයේ ඉන්න ඕන. මම කරන්නෙත් උඹ ලඟ ඉන්න ඒ උපහාසාත්මක කමෙන්ට්කරුවා චූන් කිරීම හෙවත් උලුප්පා ගැනීම. මගේ දේශපාලන දැක්මයි, උඹේ දැක්මයි දෙකක් වුනාට, උඹ ඇතුලෙ ඉන්න සොඳුරු කමෙන්ට්කරුවාට මම හරිම කැමතියි. උඹ ඒකට කැමතිද කියන එක මම දන්නේ නැහැ..ඔන්න සරසයෝ මම උඹට තව දතක් දුන්නා ගලවන්න. ඕන්නම් දැනට පුරවපන්..පහු කාලයක ගලවලා දාන්න හරි බැරියැයි.

      Delete
  6. එතකොට ඒකත් එහෙමයි නේහ්...

    ReplyDelete
  7. 1987 මැයි 1වැනිදා මැයි දිනය තහනම් කරමින් එම තහනමට එරෙහිව අරගලකල කම්කරුවෙකු සහ සරසවි සිසුවෙකු ඝාතනය කල එජාප ආණ්ඩුව මෙවර 2016දී ඒකාබද්ධ විපක්ෂයේ මැයි පෙළපාලිය ආරම්භ කිරිමට මුදල් ගෙවා ලබාගත් නාරහේන්පිට ශාලිකා ක්‍රිඩාංගනය ලබාදීමද තහනම් කර ඇත. සමෘද්ධි නිලධාරින්ගේ සංගමයේ මැයි රැළිය පැවැත්වීමට මුදල් ගෙවා ලබාගත් බත්තරමුල්ලේ අපේගම පරිශ්‍රය ලබාදීමද එලෙසින්ම තහනම්කර ඇත. යහපාලන ආණ්ඩුවේ තරු 07 ප්‍රජාතන්ත්‍රවාදය එය වේ.

    සියයට 15ක වැට් බදු බරක් අලුතින්ම ජනතාව මත මැයි 2වැනිදා සිට පටවා ඇත. ඒ අනුව සියළුම භාණ්ඩ සහ සේවා මිල වැඩිවී තිත්ත කසාය ගිල්ලීමෙන් මධ්‍යම පාන්තික පවුලක මාසික වියදම රුපියල් 10,000ක පමණ මුදලකින් ඉහළ යනු ඇත. රාජ්‍ය සේවය කප්පාදුකොට අලුතින් බඳවා ගන්නා රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප අහිමිකර ඇත. ඉන්දියානු එක්ටා ගිවිසුම මගින් ඉදිරියේදී කුණු කොල්ලයට සේවක ශ්‍රමය හාම්පුතුන්ට විකිණෙනු ඇත. පාසැල් නිලඇදුමට ජලාහුටංය. පාන් මිල වැඩිවිය. තේ සහ රබර් නිෂ්පාදකයෝ කබලෙන් ලිපටය. වී මිල 20ට බැස්සේය. හාල් මිල නහුතෙට නැග්ගේය. පොහොර සහනාධාරයට කෙලියේය. නව පො‍හොර සහනාධාර මුදල් දීමේ විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව අක්කරයක් වගාකර වී බුසල් 90ක අස්වැන්නක් ලැබුණවිට ඒ රුපියල් 20 බැගින් අළෙවි කලහොත් ලැබෙන ආදායම රුපියල් 37,800කි. එවිට ගොවියාට රුපියල් 8,600ක අතින් පාඩුවක් සිදුවේ. එම වී ප්‍රමාණයම රුපියල් 38 බැගින් රජයටම අළෙවි කිරීමට හැකිවූවොත් සාමාන්‍යයෙන් ලැබෙන ලාභය රුපියල් 25,420කි. එහෙත් දැන් සිදුව ඇත්තේ රුපියල් 20ට අළෙවි කිරීමටය. මේවාට එරෙහිව ශිෂ්‍යයෝද, රැකියා විරහිතයෝද, ධීවරයෝ සහ ගොවියෝද පමණක් නොව වෘත්තිකයන්ද සිටිනුයේ අරගලයකය. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විදුහලට එරෙහිව සටන් කරන සරසවි සිසුනට කොටුවේදී ඊයේද දැඩි මර්ධනයක් එල්ල විය.

    මෙවර මැයි දිනය තිබෙන විටද මෙයට 25 වසරකට පෙර සිටි ප්‍රධාන පක්ෂ දෙකේ වෘත්තීය සමිති නායකයෝ තවමත් ඒවා සින්නක්කරවම බදුගෙන සිටිති. එජාප ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සිරිනාත් ද මෙල් සහ ශ්‍රිලනිප නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර ඒවාට නිදසුන්ය. මින් ඇතමෙකු ජාතික ලැයිස්තුවෙන් දියවන්නාවට යැවුවද දුම්මල ගැසුවත් ඔවුන් මුට්ටි කාසි වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් එලවීම උගහටය. එයට විකල්පයක් ලෙස එජාපය වෘත්තීය සමිතියේ සභාපතිවරයා කළේ තරුණ දේශපාලඥයෙක්වූ අකිල විරාජ්ය. ගල හොඳ නම් අඹරන කහ මක්වේද කිව්වාලු.

    ආණ්ඩුවේ අලුත්ම කෙමන ආර්ථිකයට අටවා ඇති බිම්බෝම්බ නිෂ්ක්‍රීය කරමු යන්නය. එය ආලාපාළු ආර්ථිකයේ මෙගා-ඩීල් මුලාවකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ණය දෙන විට ලංකාව කොළණියක් කරගැනීමට තැත් කරන දුෂ්ඨ රාජ්‍යයක් ලෙස හැදින්වූ චීනය යහපාලන ආණ්ඩුව ණය ඉල්ලූ විට එය දෙන විට ලංකාවට අතහිත දෙන දීර්ඝ කාලීන රාජ්‍යතාන්ත්‍රික මිතුරෙකි. අවසානයේ බටහිර ගැත්තන්ටද චීනය ඉදිරියේ කුක්කන් වීමට සිදුවිය.

    ආණ්ඩුව ලෝස් නැතුව වියදම් කරයි. එක්දින ගොවි සමුළුවට ලක්ෂ 380කි. කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායකගේ අමාත්‍යාංශයේ කාර්යාලයට නිිලියකට අයත් රාජගිරියේ තට්ටු ගොඩනැගිල්ල වසර 5කට බදු ගැනීම සඳහා වැයකල මුදල රුපියල් ලක්ෂ 13,356 (කෝටි 134) කි. වරායේ ඇමති නිවස අළුත්වැඩියාවට ලක්ෂ 930කි, ජනතා සේවය හරියට කිරීම සඳහා ඇමති සරත් ෆොන්සේකාකාට අලුත් වාහනයක් මිලදී ගැනීමට ලක්ෂ 550ත් මදිය. යහපාලන ආණ්ඩුව ඇඩොල්ෆ් හිට්ලර්ගේ තියරිය අනුව බොරුව සරලව ලොකුවට නිරන්තරයෙන් පවසනු ලැබීය. එහෙත් තවදුරටත් ඒවාට ආයුෂ නොමැති බව දැන් පැහැදිලිය.

    ReplyDelete
  8. සොඳුරු ලොවට මල් වැහැලා
    තව්තිසාවෙ හද මැවිලා
    හැඟුම් පහන් තාරකා
    රටට පායලා....

    වහ කමුද නැතිනම කහ ව වමුද

    ReplyDelete
  9. රාජ්,
    ප්‍රශ්නය දිහා දැන්වත් සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කර බලන්න උත්සාහ කරන්න. මහින්ද රාජපක්ෂ රජය පෙරලුවේ ඒ රජය චීනයට උවමනා වට වඩා ලංවීම නොරිස්සු අය සහ අපේ රටේ ස්වාධිනතාවය තම අභිලාෂයන් සමග ගැටෙන බව දුටු බලවතුන් මිසක් මෙ රටේ ඉන්න ඔබ වැනි අහිංසක රජයේ සේවකයෝ නම් නෙමෙයි.
    ඔබලාගේ වැරැද්ද සාමාන්‍ය බුද්ධිය පාවිච්චි නොකර ඔවුන් එවූ ගුලි කවරය වත් ගලවන්නේ නැතිව තොග පිටින් ගිලීම විතරයි.

    දැන් මේ යන්නේ අවි ආයුධ භාවිතා කර කරන යුද්ධය නොව මති මතාන්තර වෙනස් කරවන නව ලිබරල් වාදී යුද්ධයයි.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. සම උපකාරය කියන්නේ ඕකද සමරේ?

      Delete
    2. අරුණ,
      ඉස්සර තිබුන හැඩිදැඩි ධනවාදයත්, ඒකත් එක්ක හැපුණු ලේ හලන කම්කරු පන්තියක්ද දැන් නැහැ.ඉස්සර ධනවාදීන් ජනගහනය පාලනය කලේ යුද්දයෙන් . දැන් ඉන්නේ නව ලිබරල් වාදීන්. ඒත් ඔවුන්ගේ අරමුණ කලින් කි ධනවාදීන්ගේ අරමුණුම තමයි.සම්පත්වල අයිතිය ගැනීම,ඒවායේ හිග කමක් ඇති කිරීම හා උපයෝගී තාවයක් ඇති කර මිලක් නියම කිරීම ඔවුනුත් කරනවා. තම අරමුණු සඟවා ගන්න ඔවුන් ප්‍රග්ධනයෙන් ඉතා සුළු කොටසක් ශ්‍රමය විකුණන අයටත් දෙනවා.ඔවුන්ද ජනගහනය පාලනය කරන්නේ ආහාර යුද්ධයෙන්, සංස්කෘතික යුද්ධයෙන් හා හිතන්න බැරි ජාතියක් ගොඩ නගන මාධ්‍ය යුද්දයෙන් .හැබැයි ඒක කරන්නෙ සීනිබෝල දැවටු වස දීමෙන්.

      කම්කරුවනුත් වෙනස් වෙලා. කායික ශ්‍රමය වෙනුවට මානසික ශ්‍රමය විකිණීම ඉහල ගියත්,තමන්ද කම්කරුවන් බවත් ඔවුන් පිළිගන්නේ නැහැ.

      සමුපකාරය දර්ශනය පිළිගන්නා ටික දෙනෙක් මෙ නව ලිබරල් වාදී යුද්දය තේරුම් ගනිමින් ඉන්නවා. ස්වාභාවික සම්පත් වලට මිලක් නියම නොකර ඒවා පොදුවේ පරිහරණය කිරීමටත්, අන් සම්පත් වල අයිතිකරු, නිපදවීමට සහාය වන්නා සහ පාරිභෝග කරන්නා යන තිදෙනාම සම අයිති කරුවන් බවට පත් කල යුතුය යන මතවාදය ඉදිරිපත් කිරීමට ඔවුන් අඩිතාලම දමමින් ඉන්නවා.

      සමරසේකර

      Delete
    3. බොහොම පුලුල්ව සාකච්ඡා කලයුතු වැදගත් අදහස් සමුදායක්. බොහොම අගෙයි.

      Delete
    4. විචාරක තුමා,
      අපි මෙ අදහස සමාජ ගත කරන්න මුල පුරමු. පුළුල්ව සාකච්චා කරමු. රාජ් උනත් අකමැති වෙන එකක් නැහැ.
      සමරසේකර

      Delete
  10. //ගහන ගහන පොල් ආපිට වැදීයන්//.
    ඒකනම් මරු . ඒත් ඉතිරි ටික හදිස්සියට ලියල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. කොහොමත් මරාගෙ හොර හැත්ත ගහන පොල් වල සාපෙ වදින්නෙත් දුක් මහන්සියෙන් සාධාරණව හම්බ කරන් කන දුප්පත් අහිංසක අපි වගේ අසරණයින්ට තමයි. දේසපාලු බොරුකාර, කම්බ හොර හැත්ත සදා සුවෙන් සැපට සනීපෙට ඉන්නව ඉහෙන් බහින ලෙඩක් නැතුව.

      ආණ්ඩුවෙ සේවකයොත් කොහොමහරි ශේප් වෙලා ගොඩයනව. යකො මැයි දිනේ කතාකරන්නෙත් ආණ්ඩුවෙ උන්ගෙ පඩි වැඩිකෙරිලියි විශ්‍රාම වැටුපුයි වගේ රෙද්දවල්. අස්ථිර කම්කරුවොන්ගෙ ප්‍රශ්ණ ගැනවත්, අපි වගේ ස්ථිර රැකියාවක් නැති සුළු ව්‍යවසායකයො ගැන්වත් හ්ම්.. සද්දයක් නැහැ. අපි කොම්පැනි ටැක්ස්තුයි, රෙජිස්ටර් ගාස්තු, මේ බලු පාහර කාලාලකණ්ණි දේසපාලු බොරුකාර හොර හැත්ත නඩත්තු කොරන්න අර බදුයි, මේ බදුයි ඔක්කොම වැඩියෙන් ගෙවපල්ලකො. අපිට දැන් කැඳත් නැහැ. හැම හෙණේම පාත් වෙන්නෙ අසරණ අපිටම තමයි.

      Delete
    2. සුළු ව්‍යවසායකයට කොහෙද බං කම්පනි ටැක්ස් එකක් එන්නේ? අද ලංකාවේ ඒක පුද්ගල,හවුල්,බද්ධ ව්‍යාපාර කොච්චර තියෙනවද? ලියාපදිංචි නොකරපු ව්‍යාපාර කොච්චර තියෙනවද?ඒවට ඕකෙන් ප්‍රශ්නයක් නෑ. අන්න ඒවයි සුළු ව්‍යවසායකත්වය.

      Delete
  11. සජින් වාස් ගාල්ල රැලිය සංවිධානය කෙරුවා වගේ කිරුළපන රැලිය සංවිධානය කෙරුවේ බැසිල්ලුනේ.එතකොට තුන්මුල්ලේ විමලේගේ තියරිය අනුව අරකට මේක කැපෙනවා.අනික්වා තමයි පොඩ්ඩක් අවුල.

    ReplyDelete
  12. මැටි මෝල් කතන්දර කියන්න එපා. ඒකාබද්ද මළ දානේ ඉන්නේ කොහොමත් කම්බ හොරු. උන්ගේ අදාරකාරයෝ කියන්නේ "අපේ හොරා අපිට හොඳා" කියල උන්ව කර උඩ තියාගෙන යන ගොබ්බයො ටිකක්.

    නමුත් මයිත්‍රීපාල කියන්නේ දූශිත හොරුන්, තක්කඩියන්, පන්දමුන්, කේන්දරකාරයින් වගේ පාදඩ අවලමුන් එලවා රට හදන්නට මහජනතාවට ප්‍රතිඥා දුන් ඒ සඳහාම බහුතර ජනවරමක් ලබාගත් අයෙක්. එහෙම කරල බලේ අරන් රටේ ඉන්න දුප්පත් අහිංසක නමුත් ශීලාචාර වැදගත් මිනිසුන් මුලා කරල කරන පාහර තක්කඩි වැඩ යමෙක් සාධාරණය කරයි නම් එක්කො ඌ උපන්ගෙයි මන්ද බුද්ධික ගෝතයෙක්. නැත්නම් යහපාලන කැඳහැලියට සෙට් වෙලා හොරාකන තවත් කාලකන්නි අපත කම්බ හොරෙක්.

    අරුන් නම් අඩුගානෙ හොරා කන්නෙ උන්ගෙ ඡන්ද දායකයොන්ගෙ කැමැත්තෙන්. හැබැයි මේ ප්‍රෝඩාකාර අමන හැත්ත හොරාකන්නෙ ඡන්දෙ දීපු අසරණයින්ට පුක පෙන්නල. මුන්ට හෙණ ගහවි කොරන මේ පාදඩ වැඩවලට අම්මප.

    ReplyDelete
  13. තාත්තට කියුබාවට යන්න බැරිවුනානෙ

    ReplyDelete
  14. මටත් මගේ බ්ලොගේ පැත්තේ එන්න මොකද්ද මොකද්ද වගේ.
    කැස්ස හෙම්බිරිස්සවා උණ වගේ

    ඒ උනාට අපේ ජනපති තුමා එහෙම නෑ.
    එයා හරි ණුවනක්කාරයා.
    යක්කු,
    බහිරවයො
    බැඳගෙන වැඩගන්න හොඳට දන්න උතුමෙක්

    ReplyDelete
    Replies
    1. අපි කුඩා දරුවන් කාලේ අහපු භයානක කතා තමයි රීරි යකා, මහසෝනා, වැනි භයානක යක්කුන්ගේ කතා. ඒ වගේම ජාතක කතාවල සඳහන් වෙනවා මිනීකන, ගම් පිටින් වනසා, මිනිසුන් අමු අමුවේ මරාගෙන කන යක්කු ගැන. රක්තාක්‍ෂි (රතු ඇස්) කියන රාස්සයා යම්කිසි කෙනෙක් දිහා බැලුවත්, උණ රෝගයක් හැදිලා මැරිලා වැටෙනවාලු. මේ යක්ෂයන් හට අද්භූත බලවේග තියන බවනේ එදා ඉඳලම තියන මතය. නමුත් හැමදෙනාටම මේ යක්කු ආශ්‍රය කරන්න බැහැ. උන් යක්කුනේ. යකා වගේ අයට තමයි උන්ව ආශ්‍රය කරන්න පුළුවන්. මන්ත්‍ර ශාස්ත්‍රය දන්නා අයනම් යක්කු බැඳගෙන වැඩ ගන්නවාලු. අපෙත් සමහර අය බැඳලා ඉන්නේ යකෙක් හෝ යකින්නක්ද කියලා හිතෙන වෙලාවලුත් තියනවා නේද? අද වුනත් අපේ සමහර අය, කෝපය ඉහවහා ගියාම කියනවා, ‘මම ඕකුන් ඔක්කොම මරාගෙන මැරෙනවා’ කියලා.

      සාමාන්‍යයෙන් ගම්වල ඉස්සර හිටපු යක්කුන්ගෙන් වැඩ ගන්න බව කියපු මන්ත්‍රකාරයෝ ඉතාම ජුගුප්සාජනක කාලකණ්ණි ඇවිදින මළමිනී වගේ මුස්පේන්තු අය. බොහෝ ගැමියන් ඔවුන් මූණට මුලිච්චි වෙනවාටවත් කැමති නැහැ. ඒ තරමටම අපුලයි වගේම හරිම භයානකයි. අනවින කොඩිවින හූනියම් කරපු ඔවුන් සෙත් ශාන්ති කළත් වැඩ නොකරන බව තමයි මිනිස්සු පිළි ගත්තෙ. (සෙත් ශාන්තිවලට කතාකළේ හොඳ වැදගත් වෙදමහත්තයෙක් හරි හාමුදුරුකෙනෙක්). ඉතින් ඔය වගේයක්කු පෙරේත්යො පිශාචයින්ගෙන් වැඩගන්න ගිහින් රටේ මහ එකාත් මුස්පේන්තු මන්තරකාරයෙක් වෙලා රටේ රාජ්‍ය සතු වටිනා සම්පත් සියල්ලම ඔය යක්කු, පෙරේතයො පිශාචයො කුම්භාණ්ඩයො වගේ බහිරවයො ගිලගන්න එක තමයි ෆයිනල් රිසල්ට් එක.

      Delete
  15. දේශපාලන පෝස්ට් අරහං උන්ටත් හිනායනවා ඩෝ මේකට.

    ReplyDelete
  16. රාජ් කියන්නේ සියල්ල කියවා, සියල්ල අසා ඒ දෙස සංයමෙයෙන් සහ උපේක්ෂාවෙන් සමාජය දෙස බලන්නෙක් කියලා තමයි මට හිතෙන්නේ. රාජ්ගේ ලියවිලි ඉතා තීක්ශන කොලම් කරුවගේ හැඩ සහ රසයන් උලුප්පවනවා, රාජ් මෙවැනි කමෙන්ට්ස්වලට එතරම් ප්‍රිය නොකරනු ඇතයි මා සිතනා මුත්, හිතට එන එක කීම හෝ ලිවීම මගේ සිරිතක්.

    ReplyDelete
  17. http://www.thesundayleader.lk/2016/05/01/sajin-vass-witness-most-corrupt/

    ReplyDelete
  18. සජින් වාස් ලා, සෙල්ලං පිස්තෝල ලා, එදත් සිරි ලංකා, අදත් සිරි ලංකා නේද?

    ReplyDelete
  19. සනුල බබා ගෙ ලියමන පංකාදු පහය.ඔය ලියමන සත විසිපහේ ලියුම් කවරයක දමා ම්යිත්තී මාමාට දෙන්න කියා පියුම් අංකල්ට දුන්නොත් නරකද.

    ReplyDelete
  20. මේක දැක්කම මට මතක් උනේ ඉස්සර ලංකාදීපයේ ගියපු පොඩි එකාගේ ලියුම. අපූරු ලියැවිල්ලක් රාජ්!

    ReplyDelete
  21. සනුල පුතත් තාත්ත වගේ ලැජ්ජ බයට හැදෙන්න.

    ReplyDelete
  22. වසන්තට පින් සිද්ද වේවා....!!!

    ReplyDelete
  23. සනුල බබා ලගේ තාත්තට තියෙන ප්‍රස්නම අපිටත් තියෙනවා.. ඔන්න මම නම් කරේ දවස් දෙකක්ම නිවාඩු දාල එක පාරම අද වැඩට එන එක.. දැන් පොඩ්ඩක් සේප්..

    ඒක නෙවෙයි.. සනුල බබා තාත්තට කියන්න ගෙදරදී හැම තිස්සෙම කුණුහබ්බ කියන එක පොඩ්ඩක් අඩු කරගන්න කියල.. හැක්.

    ReplyDelete
  24. යකෝ තනි ඉරෙන් කපන්න කිව්වෙ ඒකාබද්ද විපස්සෙ විතරයි...

    ReplyDelete
  25. බබා පාට් නැතුව කෙලින්ම ලිව්වනම් ඉවරයිනේ...මාරු ඈ ...

    ReplyDelete
  26. හොඳම බබාගේ ලිපිය

    ReplyDelete